ගැටලු

Good Breakfast Challenge සම්බන්ධව නිතරම අසන ලද ගැටලු කිහිපයකට පිළිතුරු

 

Astra Good Breakfast Challenge

 

Good Breakfast Challenge යනු කුමක්ද?

Astra අප විශ්වාස කරන අන්දමට, හොඳ උදෑසන ආහාර වේලක්, හොඳ දවසක ආරම්භයකි. රාත්‍රී නින්දෙන් පසු, එනම් දිගු කාලයක් නිරාහාරව සිටීමෙන් පසු ලබාගන්නා ප්‍රථම ආහාර වේල බැවින්, දරුවන්ට සෙල්ලම් කිරීමට, ඉගෙන ගැනීමට සහ වර්ධනය වීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් උදෑසන ආහාර වේල සමන්විත විය යුතුයි.

Good Breakfast වැඩසටහනෙහි අංගයක් ලෙස දියත් කෙරෙන Good Breakfast Challenge හී අරමුණ වනුයේ, දිනපතා රසගුණ පිරි උදෑසන ආහාර වේලක් ලබාගැනීමේ පුරුද්ද දරුවන් තුළ වැඩිදියුණු කිරීමයි.

මෙමගින් නිරෝගීව සහ සතුටින් වැඩීමට, ඔවුන්ට අවශ්‍ය ශක්තිය සහ පෝෂ්‍ය පදාර්ථ ලබාගත හැකිය.

එමෙන්ම, මෙම Challenge එක තවත් වැඩිදියුණු කිරීමට, "Breakfast Squad", ⁣නමින් විනෝදාත්මක සහ අධ්‍යාපනික game එකක් නිර්මාණය කර ඇති අතර මෙමගින් දිනපතා පෝෂ්‍යදායී උදෑසන ආහාර වේලක් ලබාගැනීමේ වැදගත්කම ගැන දරුවන්ට ඉගෙන ගත හැකිය.

මෙම අභියෝගය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

දින 21ක් ඔබේ දරුවාට ඇස්ට්‍රා භාවිතා කරමින් පෝෂ්‍යදායී උදෑසන ආහාර වේල් ලබාදෙන්න. ඔබේ ප්‍රගතිය අභියෝග පුවරුවෙහි සටහන් කරන්න.

ඇස්ට්‍රා ශිෂ්‍යත්ව දිනාගැනීම සඳහා, ඔබේ දරුවා ලබාගත් උදෑසන ආහාර වේලෙහි පින්තූරයක්, ඇස්ට්‍රා ටබ් එකක් සමග ගෙන, Upload කරන්න.

අභියෝගය අවසානයේ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සපයා ඔබේ සහතික පත ලබාගන්න.

මෙම අභියෝගය අවසන් කිරීමට ඔබට දවස් 30ක් ලැබෙන නිසා, දිනක් මගහැරුණහොත්, ඒ පිළිබඳව කණගාටු නොවන්න. අභියෝග සඳහා සූදානම් නම්, දැන්ම ඔබේ ගිණුම නිර්මාණය කර challenge එකට join වෙන්න.

ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකි ද?

අවුරුදු 6-12ත් අතර දරුවන් ඇති පවුල් සඳහා මෙම අභියෝගය විවෘතය. එසේ වුව ද, පවුලේ සියළුම දෙනාට ඇස්ට්‍රා සමග පෝෂ්‍යදායී උදෑසන ආහාර වේලක් දිනපතා ලබාගැනීමට අපි ආරාධනා කරමු.

මේ සඳහා, ⁣මා විසින් මුදල් ගෙවීමක් සිදුකළ යුතු ද?

නැත

 

මෙම අභියෝගයෙහි ප්‍රතිලාභ

ඇස්ට්‍රා විසින් මෙම අභියෝගය දියත් කරනුයේ ඇයි?

"Food and Agriculture Organization විසින් 2020 දී, සඳහන් කළ අන්දමට, මිලියන 720 - 811ත් අතර ප්‍රමාණයක් මිනිසුන් කුසගින්නෙන් පෙ⁣ළෙණු ලැබ ඇත. මෙකී සංඛ්‍යාව සැලකීමේ දී, මිලියන 768ක් පමණ මන්දපෝෂණයෙන් පීඩා විඳී.

බඩගින්න දරුවන්ගේ අධ්‍යාපනික මෙන්ම ක්‍රියාශීලී බවට ද දැඩි ලෙස බලපානු ලබයි. උදෑසන ආහාර වේල මගින් දවස ගතකිරීමට අවශ්‍ය පෝෂණය දරුවන්ට ලබාදුන ද, උදෑසන ආහාරය මගහැරීමට හෝ පෝෂ්‍යදායී උදෑසන ආහාර වේලක් ලබා නොගැනීමට දරුවන් පෙළඹී ඇත.

ඇස්ට්‍රා හී අරමුණ වනුයේ, 2023 වන විට, ආසියානු, අප්‍රිකානු සහ මැද පෙරදිග ජීවත්වන පාසල් දරුවන් මිලියන 100කට දෛනික පෝෂ්‍යදායී උදෑසන ආහාර වේලක සිහිනය යථාර්ථයක් කරදීමයි.

අපි විසින් Good Breakfast වැඩසටහන් විවිධ පාසල් වල ආරම්භ කර ඇතත්, අපේ අදහස නම් හොඳ උදෑසන ආහාර වේලකට අඩිතාලම වැටෙනුයේ ගෙදරින්ම බව යි. මෙම challenge එක මගින්, දෙමව්පියන් සමග එකතුව, අතට සරිලන මුදලකට, රසවත්, ගුණවත් උදෑසන ආහාර වේලක අරමුණ ඉටුකරගැනීමට අපි උත්සුක වෙමු."

https://www.fao.org/state-of-food-security-nutrition

මගේ දරුවා මෙම අභියෝග සඳහා සහභාගී විය යුත්තේ ඇයි?

උදෑසන ආහාරය මගහැරීම ළමයින්ට වෙහෙසකර බවක් ගෙන එනවා පමණක් නොව අන් අය නුරුස්සන ස්වභාවයක් ද* ඇතිකරනු ලබයි. මෙය ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට දැඩි ලෙස බලපානු ඇත.

සාපේක්ෂව බලන කල, උදෑසන ආහාරය ලබාගන්නා දරුවන් නිරෝගී බවින් වැඩි ය. නමුත්, ඔවුන් ලබාගන්නා උදෑසන ආහාරය කුමක් ද යන්නත් මෙහිදී සැලකිල්ලට භාජනය විය යුතු කරුණකි. ධාන්‍ය, තන්තු සහිත ආහාර, ප්‍රෝටීන අඩංගු ආහාර උදෑසන ආහාර වේල සඳහා තෝරාගැනීම මගින්, පාසලේ දී හොඳින් ක්‍රියාකිරීමට ඔබේ දරුවාට අවස්ථාව උදා වේ.^

මෙම challenge එකට සම්බන්ධ වීම හරහා පෝෂ්‍යදායී උදෑසන ආහාර වේලක් යනු කුමක්ද යන්න පිළිබඳවත්, එය දිනපතා ලබාගැනීම, හොඳින් අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාමට මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමටත් උපකාරී වන බව දරුවා ඉගෙන ගනු ඇත. එමෙන්ම නිරෝගීව සහ සතුටින් වැඩීමට අවශ්‍ය ශක්තිය සහ පෝෂණය ද ඔවුන්ට ලැබෙනු ඇත.

* Spence, C. Breakfast: The most important meal of the day?. Gastronomy and food science. 2017:8;1-6.

^ FRAC (Food Research & Action Center). Research Brief: Breakfast For Learning. October 2016. Available from: https://frac.org/wp-content/uploads/breakfastforlearning-1.pdf. 

 

අභියෝගය සඳහා සම්බන්ධ වීම

මෙම අභියෝගය සඳහා මගේ දරුවාට සම්බන්ධ විය හැක්කේ කෙසේ ද?

ගිණුමක් ආරම්භ කර, ඔබේ තොරතුරු ඇතුළත් කරන්න. ඔබේ දරුවාගේ නම සහ උපන්දිනය ද ඇතුළත් කරන්න. ගිණුම සත්‍යාපනය කිරීමට email පණිවුඩයක් ඔබට ලැබෙනු ඇත.

සත්‍යාපනය කළ පසු ඔබ දෙදෙනාටම challenge එක ආරම්භ කළ හැකිය.

සැ.යු.
ඔබට දරුවන් එක් අයෙකුට වඩා සිටීනම්, විවිධ ගිණුම් නිර්මාණය කිරීම අවශ්‍ය නොවේ. ඔබට ඔවුන් පිළිබඳ විස්තර, ගිණුම නිර්මාණය කරන මොහොතේ දී ඇතුළත් කළ හැකි අතර, නොඑසේනම්, "Settings" මගින් ද එය Update කළ හැකිය.

මගේ දරුවාගේ උදෑසන ආහාරය ලකුණු කළ හැක්කේ කෙසේ ද?

ඔබේ ගිණුමට ඇතුල් වී, පුවරුවෙහි සඳහන් "Check In" මත click කරන්න. ඔබේ දරුවාගේ උදෑසන ආහාරයෙහි නම සහ පින්තූරයක් ඇතුළත් කරන්න.

මෙම අභියෝගය සඳහා සම්බන්ධ වීමට කැමති වුව ද, දිනපතා පෝෂ්‍යදායී උදෑසන ආහාර වේල් සැකසීමට මට වෙලාවක් නැත. මා විසින් කුමක් කළ යුතු ද?

වඩා වැදගත් වනුයේ අභියෝගය ආරම්භ කිරීමයි. ඔබට සහය වීමට අප විසින් දින 21 පෝෂ්‍යදායී උදෑසන ආහාර වේල් සහිත පොත් පිංචක් නිර්මාණය කර ඇත.

මෙම පොතෙහි පෝෂ්‍යදායී, රසවත් කෑම වට්ටෝරු 21ක් අඩංගු අතර, දරුවන්ට ගුණවත් උදෑසන ආහාර වේලක් ලබාදීමේ වැදගත්කම ගැන කියැවෙන තොරතුරු කිහිපක් ද අන්තර්ගත වේ. පොත download කිරීමට :

අප විසින් Good Breakfast Challenge එක සම්පූර්ණ කර අවසන්. දැන් කුමක් කළ යුතු ද?

සුබ පැතුම්! අභියෝගය අවසන ඔබට සහතික පත download කරගත හැකිය. සහතික පත ලබාගැනීම සඳහා, දී ඇති සමීක්ෂණය සඳහා සහභාගී වී, ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

ඔබේ දරුවාගේ උත්සහය අගය කිරීම සඳහා සහතික පත ඔවුන් සමග බෙදාහදාගන්න. මෙය ඔබට සමාජ මාධ්‍ය හරහා ඔබේ මිතුරු මිතුරියන් සමග ද බෙදාහදාගත හැකිය. අභියෝගය සඳහා සම්බන්ධ වීමට ඔවුන්ට එය අභිප්‍රේරණයක් වනු ඇත.

ඔබ විසින් දිනපතා උදෑසන ආහාර වේලෙහි පින්තූර upload කර ඇත්නම්, ඇස්ට්‍රා ශිෂ්‍යත්ව සඳහා අපි ඔබව සම්බන්ධ කරගන්නෙමු.

අභියෝගය සම්පූර්ණ කිරීමට නොහැකි විය. නැවත උත්සහ කළ හැකි ද?

ඔව්. නැවත අභියෝගයට අවතීර්ණ වී "Play again" click කරන්න.

 

The Rewards

Sri lanka
  1. The promoter of this prize draw is Upfield Lanka Sales (Private) Limited (“Upfield”) of No. 8, Rosmead Place, Colombo 7” (“Promoter”).
  2. The prize draw is open to all Sri Lankan residents aged 18 years or over, except employees of Upfield, their families, agents or any third party directly associated with administration of the prize draw.
  3. The prize draw is free to enter and no purchase is necessary.
  4. All entries must be submitted via www.goodbreakfastchallenge.com and only one entry per person is permitted.
  5. Entries will only be accepted during the promotional prize draw period, which is between 12 a.m on 6th of Sep 2022 and 12 a.m on 31st of Oct 2022. Entries received after the promotional prize draw period will not be valid. Price draw period 1st of November 2022 to 31st December 2022
  6. Upfield accepts no responsibility for entries not successfully completed due to any fault of any kind.
  7. A winner will be chosen at random by a draw by an independent person after the promotional prize draw period.
  8. The winner will receive Tabs
  9. The winner will be notified by Official Astra Facebook page (using details provided at entry) and must then provide a postal address to claim their prize. If a winner does not respond to Upfield within 48 hours of being notified, then the winner’s prize will be forfeited and Upfield will be entitled to select another winner in accordance with the process described above.
  10. The prize for the winner is non-exchangeable, non-transferable and no cash alternative is offered.
  11. Upfield reserves the right to replace the prize with an alternative prize of equal or higher value.
  12. The decision of Upfield regarding any aspect of the prize draw is final and binding and no correspondence will be entered into about it.
  13. Upfield may either publish or make available information that indicates that a valid award took place. To comply with this obligation Upfield will send the surname and county of major prize winners and, if applicable copies of their winning entries, to anyone who emails Astraflora.consumercare@Upfield.com or writes to No. 8, Rosmead Place, Colombo 7(enclosing a self-addressed envelope) within one month of the sampling activity period stated in condition
  14. If you object to any or all of your surname, county and winning entry being published or made available, please contact Upfield Astraflora.consumercare@Upfield.com In such circumstances, Upfield must still provide the information and winning entry to the Advertising Standards Authority on request.
  15. Participants are deemed to have accepted and agreed to be bound by these terms and conditions upon entry. Upfield reserves the right to refuse entry or refuse to award the prize to anyone in breach of these terms and conditions.
  16. Upfield reserves the right to hold void, cancel, suspend, or amend the promotion where it becomes necessary to do so.
  17. Personal data supplied during the course of this promotion will only be processed as set out at https://upfield.com/privacypolicy/en_us.html. See also Condition 13 with regard to the announcement of winners.
  18. The prize draw will be governed by Sri Lankan law and entrants to the prize draw submit to the jurisdiction of the Sri Lankan courts.

Good Breakfast Game : Breakfast Squad

මෙම game එක කුමක් සම්බන්ධව ද?

Breakfast Squad යනු උදෑසන ආහාර වේලක් ලබාගැනීමේ වැදගත්කම, හොඳ උදෑසන ආහාර වේලක් යනු කුමක්ද සහ හොඳ උදෑසන ආහාර වේලක ප්‍රතිලාභ ගැන දරුවන්ට කියාදීමට නිර්මාණ කරන ලද online ක්‍රීඩාවකි.

Game එක පුරාවට ම, fun mini games, රසවත් කතා ඇතුළු, දරුවන්ව ඇඳබැඳ තබාගත හැකි නොයෙක් දේ ඇතුළත් කර ඇත.

මෙහි සාරාංශය කුමක්ද?

Yum City වෙත සාදරයෙන් පිළිගන්නවා! ලෝකයේ ඇති සතුටුම සහ නිරෝගීම නගරය.

හැබැයි Junk Food Monster සහ Minis නගරය ආක්‍රමණය කළාට පස්සේ හැමදේම වෙනස් වුණා. ඒගොල්ලො නගරෙ තියන හැම හොඳ breakfast එකක්ම විනාශ කළා. දැන් ඔක්කොම ලෙඩ වෙලා.

ඒ නිසා Yum City එකට වීරයෙක් අවශ්‍ය යි. ඔයාට පුළුවන් ද ඒ වීරයා වෙන්න? Breakfast එක බේරගන්න?

මෙම game එක මගින් මගේ දරුවා කුමක් ඉගෙන ගනීවිද?

උදෑසන ආහාරයේ වැදගත්කමට අමතරව, පෝෂ්‍යදායී උදෑසන ආහාර ගැන, පෝෂණය ගැන සහ විටමින් ගැන ඔබේ දරුවා ඉගෙනගනු ඇත.

Game එක අවසානයේ, තමන්ගේ නමටම සහතික පතක් ද ලබාගත හැකිය.

Game එක තුළ කුමක් සිදුවේ ද? එය play කළ හැක්කේ කෙසේ ද?

Breakfast Squad වලදී ඔබේ දරුවා superhero කෙනෙක් බවට පත්වණු ඇත. මෙහෙයුම නම්, Junk Food Monster ගෙන් නගරය බේරා, පෝෂ්‍යදායී උදෑසන ආහාර වේල් නැවත නගරය තුළ ස්ථාපනය කිරීමයි.

ජයග්‍රහණය කිරීමට නම්, mini games හරහා energy points ලබාගත යුතු වේ. මේ මගින් කතාවෙහි ඉදිරියට යෑමට අවස්ථාව හිමි වේ.

කාර්යයන් (tasks) 21ක් සම්පූර්ණ කළ යුතුව තිබේ. Junk Food Monster ව පරාද කිරීමෙන් game එක අවසන් වේ.

මේ game එක සඳහා සුදුදු වයස් සීමාව කුමක්ද?

අවුරුදු 6-13 අතර වයස වඩාත් යෝග්‍ය වේ. එනමුත්, ඕනෑම වයසක දරුවෙකුට මෙය අත්හදා බැලීමට අපි ආරාධනා කරමු. මේ මගින් ඔවුන්ට බොහෝ දෑ ඉගෙන ගැනීමට හැකි වනු ඇත.

දවස් 21 Good Breakfast Challenge සමගින් දින 21ක් මේ game එක මගේ දරුවා play කළ යුතු ද?

නැත. දිනපතා game එක play කිරීම දරුවාට අපහසුවක් විය හැකි බැවින්, කෙටි කාලයකින් අවසන් කළ හැකි වන පරිදි මෙය නිර්මාණය කර ඇත.

Game එක තුළ ඔබේ දරුවාගේ සෑම පියවරක්ම save කිරීමට භාජනය වන නිසා, නැවැත් වූ තැනින් නැවත පටන්ගැනීමට හැකියාව පවතී.

මෙය අවසන් කිරීම සඳහා කොපමණ කල් ගතවේද?

මෙය තීරණය වනුයේ ඔබේ දරුවාගේ වයස, කොතරම් කාලයක් දිනකට මේ සඳහා වැයකරනවා ද යන කාරණා මතයි.

මගේ දරුවා විසින් සියළුම කාර්යයන් 21ම අවසන් කර ඇත. ඉන්පසුව?

සුබ පැතුම්! ඔබේ දරුවාට සහතික පතක් පිරිනැමෙනු ඇත. මෙම සහතික පත game එක අවසානයෙහි දිස්වනු ඇත. එමෙන්ම සහතික පත email මගින් ද ඔබට ලැබෙනු ඇත. එය දරුවන් සමග බෙදාහදාගන්න.

 

ගිණුම් තොරතුරු

මගේ තොරතුරු වෙනස් හෝ යාවත්කාලීන කළ හැක්කේ කෙසේ ද?

ඔබේ දරුවන්ගේ විස්තර වෙනස් කිරීම සඳහා මෙමගින් අප හා සම්බන්ධ වන්න. ඔබට ඔබේ තොරතුරු Profile Settings හරහා වෙනස් කරගත හැකිය.

මුරපදය අමතක වී ඇත. එය වෙනස් කරගන්නේ කෙසේ ද?

Sign In පිටුවෙහි, "Forgot Password" තෝරන්න. Email ලිපිනය ඇතුළත් කරන්න. මුරපදය වෙනස් කිරීම සඳහා link එකක් email මගින් ලැබෙනු ඇත.

මට දරුවන් එක් අයෙකුට වඩා සිටී. ඔවුන් සැමටම වෙන වෙනම ගිණුම් සෑදිය යුතු ද?

නැත. ඔබට ඔබේ දරුවන්ගේ තොරතුරු, ඔබේ ගිණුම නිර්මාණය කිරීමේ දී ඇතුළත් කළ හැකිය. නොඑසේනම්, ගිණුම නිර්මාණය කළ පසුවද, Settings මගින් ඔවුන් වෙනුවෙන් profiles සෑදිය හැකිය.

 

Fun Facts

1. ඇපල් වල තන්තු තිබෙනවා. ආහාර ජීර්ණයට තන්තු (fiber) ඉතාම වැදගත්.

මූලාශ්‍ර: U.S. Department of Agriculture, Agricultural Research Service. (2019). Food Code: 6310100. FoodData Central. Retrieved from fdc.nal.usda.gov.
NHS. (2018). How to get more fibre into your diet. Retrieved from https://www.nhs.uk/live-well/eat-well/digestive-health/how-to-get-more-fibre-into-your-diet.

2. කැරට් වල අඩංගු විටමින් A, ඔයාට හොඳ පෙනීමක් ලබාදෙනවා.

මූලාශ්‍ර: U.S. Department of Agriculture, Agricultural Research Service. (2019). Food Code: 73101010. FoodData Central. Retrieved from fdc.nal.usda.gov.
European Food Safety Authority (EFSA). (2009). Vitamin A related health claims. EFSA Scientific Opinion, 7(9):1221.

3. මේද වර්ග 2ක් තිබෙනවා. හොඳ මේද සහ නරක මේද. හොඳ මේද, ඔයාගේ වර්ධනයට උදව් වෙනවා.

මූලාශ්‍ර: British Heart Foundation. (2021). Fats explained - types of fat. Retrieved from https://www.bhf.org.uk/informationsupport/support/healthy-living/healthy-eating/fats-explained.
European Food Safety Authority (EFSA). (2008). ALA and LA and growth and development of children. EFSA Scientific Opinion, 783, 1-9.

4. ඔයාගේ මොළයට ලොකු ශක්තියක් අවශ්‍යයි හොඳින් ක්‍රියාකරන්න නම් හැමදාම හොඳ breakfast එකක් අරගන්න ඕන.

මූලාශ්‍ර: Deitmer, J. W., Theparambil, S. M., Ruminot, I., Noor, S. I., & Becker, H. M. (2019, December 6). Energy Dynamics in the brain: Contributions of astrocytes to metabolism and pH homeostasis. Frontiers in neuroscience. Retrieved from https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6909239.

5. හොඳ breakfast එකකට උදාහරණයක් විදියට, whole grain bread, ඇස්ට්‍රා, පලතුරු සහ කිරි හඳුන්වන්න පුළුවන්.

මූලාශ්‍ර: Nyaradi, A., Li, J., Hickling, S., Foster, J., & Oddy, W. H. (2013). The role of nutrition in children's neurocognitive development, from pregnancy through childhood. Frontiers in Human Neuroscience, 7. DOI: doi.org/10.3389/fnhum.2013.00097.

6. හිරු එළියට අමතරව, හතු සහ ඇස්ට්‍රා වලින් ඔයාට විටමින් D, ලබාගන්න පුළුවන්.

මූලාශ්‍ර: National Institutes of Health (NIH) Office of Dietary Supplements (ODS). (2022). Vitamin D - health professional fact sheet. Retrieved from https://ods.od.nih.gov/factsheets/VitaminD-HealthProfessional.

7. හොඳ breakfast එකක් ලබාගන්නේ නැති අයට නිතරම වගේ මහන්සිය දැනෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ අයගේ ශක්තියත් අඩුයි.

මූලාශ්‍ර: Spence, C. (2017). Breakfast: The most important meal of the day?. International Journal of Gastronomy and Food Science, 8, 1–6. DOI: doi.org/10.1016/j.ijgfs.2017.01.003.

8. Breakfast එක තමයි දවසේ වටිනාම ආහාර වේල. මොකද breakfast එකෙන් ඔයාට ඉගෙනගන්න, සෙල්ලම් කරන්න වගේම වැ⁣ඩෙන්නත් අවශ්‍ය ශක්තිය ලබාදෙන නිසා.

මූලාශ්‍ර: Food Research & Action Center (FRAC). (2016, October). Research brief: Breakfast for health. Retrieved from https://frac.org/wp-content/uploads/breakfastforhealth-1.pdf.

9. Cookies වගේ කෑම වලින් යම් තරමක ශක්තියක් ලැබුනත්, ඒක වැඩි කාලයක් පවතින්නේ නෑ. ටික වෙලාවකින් ඔයාට ආයෙමත් මහන්සි ගතියක් දැනෙයි.

මූලාශ්‍ර: Cookies (pastries): Glycemic index (GI), glycemic load (GL) and calories per 100g. Glycemic Index (GI) & Glycemic Load (GL) Guide. (2021, February 8). Retrieved from https://glycemic-index.net/cookies-pastries/#:~:text=Glycemic%20load%20of%20cookies%20(pastries,as%20a%20high%20GL%20food).

10. දවසකට වීදුරු 6 - 8ත් අතර ප්‍රමාණයක් ජලය පානය කළ යුතුයි. ඔයා අද කොච්චර වතුර බිව්ව ද?

මූලාශ්‍ර: NHS. (2019). The Eatwell Guide. Retrieved from https://www.nhs.uk/live-well/eat-well/food-guidelines-and-food-labels/the-eatwell-guide.

11. දවසකට අවශ්‍ය ආහාර ප්‍රමාණය තීරණය වන්නේ, ඔයාගේ වයස සහ ඔයා කොයිතරම් ක්‍රියාශීලී ද කියන කරුණු මත යි.

මූලාශ්‍ර: FAO Food and Nutrition Division. (2004). Human energy requirements: Report of a joint FAO/WHO/UNU expert consultation (Ser. 1813-3932). Food and Agricultural Organization of the United Nations.

12. ඇපල් වල 20%ක් වාතය අඩංගු නිසා, ඒවා ජලය මත පාවේ.

මූලාශ්‍ර: Dean, J. (2020, September 6). Why, and how, do apples float? Antioxidant Fruits. Retrieved from https://antioxidant-fruits.com/why-and-how-do-apples-float.html.

13. ඔයාලා දන්නව ද? බොහොමයක් තැඹිලි සහ රතු පැහැ එළවළු වල (උදා : කැරට්, red peppers), විටමින් A අඩංගු වන බව?

මූලාශ්‍ර: Health Direct (AU gov) Foods high in vitamin A.

Available from: https://www.healthdirect.gov.au/foods-high-in-vitamin-a

14. අපේ ශරීරයට හැකියාවක් නැහැ හොඳ මේද නිපදවන්න. ඒ නිසා, ඒ හොඳ මේදය අපි ඇටජාති, අලිගැටපේර සහ ඇස්ට්‍රා ආදිය මගින් ශරීරයට ලබාගත යුතුයි.

මූලාශ්‍ර: British Heart Foundation. (2021). Fats explained - types of fat. Retrieved from https://www.bhf.org.uk/informationsupport/support/healthy-living/healthy-eating/fats-explained.

15. රාත්‍රියට නිදාගන්නවා කියන්නේ දිගුකාලයක් නිරාහාරව සිටීමයි. උදේ කෑම වේලින් සිදුකරන්නේ ඒ නිරාහාර කාලය අවසන් කිරීමයි.

මූලාශ්‍ර: Breaking the fast - Harvard Health Publications. (2011, June 1). Retrieved from https://www.health.harvard.edu/staying-healthy/breaking-the-fast.

16. ඔයාලා දන්නව ද? Soy Milk යනු තායිවාන උදේ ආහාර වේලෙහි සාමාන්‍ය අංගයක්. ඔයත් කවදහරි Soy Milk හෝ ශාකමය කිරි ආහාරයට ගෙන තිබෙනව ද?

මූලාශ්‍ර: Kates Kitchen KC. Weird Breakfast Facts.

Available from: https://www.kateskitchenkc.com/blog/weird-breakfast-facts-you-probably-didnt-know/

17. ඔයාලා දන්නව ද? පෝෂ්‍යදායී ආහාර වේලක තන්තු සහ ප්‍රෝටීන් අඩංගු විය යුතුයි. මේ පෝෂ්‍ය පදාර්ථ ඕට්ස්, බිත්තර සහ peanut butter වල අන්තර්ගත යි.

මූලාශ්‍ර: Time. Fascinating facts about breakfast.

Available from: https://time.com/3992877/5-fascinating-facts-about-breakfast/

18. වාර්තාගත වන ලොව විශාලතම breakfast event එක නම්, 2005 මැයි 29 දින, ජර්මනියේ දී, මිනිසුන් 27, 854 ක් එකම අවස්ථාවක දී, උදෑසන ආහාර වේල ලබාගැනීම යි.

මූලාශ්‍ර: Ni Good Food. Celebration breakfast fun facts.

Available from: https://www.nigoodfood.com/celebration-breakfast-fun-facts/#_edn13

19. ඔයාලා දන්නව ද? දිනපතා පෝෂ්‍යදායී උදෑසන ආහාර වේලක් ලබාගැනීම, අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යෑමට හේතුවන බව?

මූලාශ්‍ර:Adolphus K., et al. The effects of breakfast on behaviour and academic performance in children and adolescents. Front Hum Neurosci. Published online 2013. doi:10.3389/fnhum.2013.00425

20. තක්කාලි හඳුන්වන්නේ පලතුරක් විදියට. ඒ, තක්කාලි වල බීජ තිබෙන නිසා. තක්කාලි ඇට පැලකරලා, තක්කාලි පැලයක් හදාගන්න ඔයත් උත්සාහ කරන්න.

මූලාශ්‍ර: We are teachers. Fun food facts.

Available from: https://www.weareteachers.com/fun-food-facts/

21. විටමින් D ලබාගත හැකි එකම ස්වාභාවික ශාකමය මූලාශ්‍රය "හතු" වේ.

මූලාශ්‍ර: Just Vitamins: some interesting food facts.

Available from: https://www.justvitamins.co.uk/blog/some-interesting-food-facts/

22. නිල් හෝ දම් පැහැ ආලෝකයක් Peanut Butter මතට යොමු කළ විට, එය අඳුරේ දී දිලිසීමට පත් වේ.

මූලාශ්‍ර:Lutz, J. (2015, October 30). Glow in the dark peanut butter just took your Halloween party game to the next level. Bustle. Retrieved from https://www.bustle.com/articles/120129-glow-in-the-dark-peanut-butter-just-took-your-halloween-party-game-to-the-next-level.

23. බිත්තර ආහාරයට ගැනීමට සුදුසුද නුසුදුසුද කියා වතුරට දමා සොයාබලන්න පුළුවන් බව ඔබ දැනසිටියා ද? බිත්තර ජලය මත පාවෙන්නේ නම්, ඒවා ආහාරයට නොගැනීම නුවණට හුරුය.

Author: Harnsoongnoen S. & Nuananong J. The grades and freshness assessment of eggs are based on density detection using machine vision and weighing sensor. Sci Rep. 2021;11:16640.

24. ඔයාලා දන්නව ද? විවිධ පෝෂ්‍ය පදාර්ථ ලබාගැනීමට විවිධ විවිධ පාටින් යුතු එළවළු සහ පලතුරු ආහාරයට ගත යුතුයි.

මූලාශ්‍ර: Hospital for Special Surgery.edu: 5 nutrition facts for a healthy lifestyle. Available from: https://www.hss.edu/playbook/5-nutrition-facts-for-a-healthy-lifestyle

25. දොඩම් වල විටමින් C බහුල වශයෙන් අන්තර්ගතයි.

මූලාශ්‍ර: USDA FoodData Central. Food Code: 61119010 

26. දිනකට අවම වශයෙන් එළවළු සහ පලතුරු කොටස් (portions) 5ක් ආහාරයට ගත යුතුයි.

මූලාශ්‍ර: National Health Service UK. Live Well. Eat well. 5 a day portion. Available from: https://www.nhs.uk/live-well/eat-well/5-a-day/portion-sizes/#:~:text=Everyone%20should%20have%20at%20least,fruit%20and%20vegetables%20a%20day

27. අස්ථිවල සෞඛ්‍යසම්පන්න බවට කැල්සියම් අත්‍යවශ්‍ය වේ.

මූලාශ්‍ර: MedlinePlus. Calcium and bones.Available from: https://medlineplus.gov/ency/article/002062.htm#:~:text=The%20mineral%20calcium%20helps%20your,of%20calcium%20in%20the%20body

28. ඔයාලා දන්නව ද? ළමා වියේදී ඇතිකර පුරුදු පුහුණු කරගත් හොඳ ආහාර පුරුදු, කාලයත් සමග වැඩිහිටි වියට ද ගමන්කළ හැකි බව? එය ඉතා හොඳ දෙයකි.

මූලාශ්‍ර: Demory-Luce D., et al. Changes in food group consumption patterns from childhood to young adulthood: The Bogalusa Heart Study. J Am Diet Assoc. Published online 2004. doi:10.1016/j.jada.2004.07.026

29. පරිප්පු වැනි කරල් භෝගවල ප්‍රෝටීන් බහුල ලෙස අන්තර්ගත යි. අස්ථීන් හා මාංශ පේශීන්වල පැවැත්මට ප්‍රෝටීන් අත්‍යවශ්‍ය වේ.

මූලාශ්‍ර: Nutrition UK. Healthy sustainable diets. Protein. Available from: https://www.nutrition.org.uk/healthy-sustainable-diets/protein/?level=Health%20professional

30. අපේ වර්ධනයට උපකාරී වන නිසා, හොඳ මේදය සහිත ආහාර අපි කෑමට ගත යුතු බව ඔබ දැනසිටියා ද?

මූලාශ්‍ර: European Food Safety Authority. Scientific substantiation of a health claim related to alpha-linolenic and linoleic acid and growth and development of children pursuant to Article 14 of Regulation (EC) No 1924/2006. Available from: https://efsa.onlinelibrary.wiley.com/doi/epdf/10.2903/j.efsa.2008.783

31. ඔයාලා දන්නව ද? අපේ ශරීරයෙන් 55% - 75% ක් අතර ප්‍රමාණයක් ඇත්තේ ජලය බව? ඒ නිසා, අවම වශයෙන් දිනකට වතුර වීදුරු 6 - 8ත් අතර ප්‍රමාණයක් පානය කිරීම වැදගත්.

මූලාශ්‍ර: National Health Service UK. The importance of hydration. Available from: https://www.sath.nhs.uk/wp-content/uploads/2020/12/The-Importance-of-Hydration-Article.

32. ඔයාලා දන්නව ද? ශරීර උෂ්ණත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය පමණට ජලය පානය කිරීම වැදගත් වේ.

මූලාශ්‍ර: National Health Service UK. The importance of hydration. Available from: https://www.sath.nhs.uk/wp-content/uploads/2020/12/The-Importance-of-Hydration-Article.pdf

33. දහඩිය දැමීමේ දී ජලය විශාල ප්‍රමාණයක් අපේ ශරීරයෙන් නික්මෙන බව ඔයාලා දන්නව ද? ව්‍යායාම් කිරීමේ දී ත්, ව්‍යායාම් කිරීමෙන් පසුවත්, ජලය පානය කරන්න.

මූලාශ්‍ර: National Health Service UK. The importance of hydration. Available from: https://www.sath.nhs.uk/wp-content/uploads/2020/12/The-Importance-of-Hydration-Article.pdf

34. ඔයාලා දන්නව ද? කෙසෙල් වල කාබෝහයිඩ්‍රේට්, තන්තු සහ ප්‍රෝටීන් අඩංගු වේ.

මූලාශ්‍ර: FoodData Central. Food Code: 63107010

35. ඔයාලා දන්නව ද? කැල්සියම් ලබාගන්න හොඳම විදියක් තමයි බ්‍රොකලී ආහාරයට ගැනීම

මූලාශ්‍ර: USDA FoodData Central. Food Code: 72201100

36. ඔයාලා දන්නව ද? කඩල ප්‍රෝටීන් වලින් අනූනයි.

මූලාශ්‍ර: USDA FoodData Central. Food code: 41301990.

37. ඔයාලා දන්නව ද? පිපිඤ්ඤා වල 95%ක් තියෙන්නේ ජලය.

මූලාශ්‍ර: USDA FoodData Central. Food Code: 75111000

38. More 'DID YOU KNOW' FACTS
  • විටමින් D අපේ අස්ථීන් ශක්තිමත් කිරීමට උපකාරී වෙන බව ඔබ දැනසිටියා ද?
  • ඔයාලා දන්නව ද බත් සහ whole grain bread (ධාන්‍ය ආශ්‍රයෙන් නිපදවන පාන්) කාබෝහයිඩ්‍රේට් ⁣බහුල ආහාර බව?
  • මේද තැවරුම් වල ⁣විටමින් සහ අපේ වර්ධනයට අවශ්‍ය වන හිතකර මේදය අඩංගු බව ඔබ දැනසිටියා ද?
  • ඔයාලා දන්නව ද? රසක් නැති වතුර, සීනි නොදා රස කරගන්න විදියක් තමයි, එයට පිපිඤ්ඤා පෙත්තක්, පලතුරක පොඩි කොටසක් හෝ දෙහි/ලෙමන් යුෂ එක් කිරීම.
  • ඔයාලා දන්නව ද ආහාර පිසීමට පෙර හා කෑමට පෙර අත් සේදීම අත්‍යවශ්‍ය බව?
  • අදත්, හෙටත්, හැමදාටමත් පෝෂ්‍යදායී ආහාර ලබාගැනීම, නිරෝගීව සිටීමට හේතුවක් බව ඔයාලා දන්නව ද?
  • Did you know planning to have breakfast daily could help when you're always in a morning rush?
  • පෝෂ්‍යදායී snack එකකට උදාහරණයක් විදියට පලතුරක්, peanut butter සමග තිරිගු සැන්ඩ්විච් එකක් සහ මද ලුණු පොප්කෝන් හඳුන්වාදෙන්න පුළුවන්.
  • ඔයාලා දන්නව ද? අපේ ශරීරයට පුළුවන් හිරු එළියේ උදව්වෙන් විටමින් D නිපදවන්න. අනෙක් විටමින් අපි ආහාර මගින් ලබාගත යුතුයි.
  • මේදය යනු ආහාර වල ප්‍රධානතම අංගයක් බව ඔයාලා දැනසිටියා ද?
  • ඔයාලා දන්නව ද? ඔයාගේ උස සහ බර අනුව .ඔයා හොඳින් වැඩෙනවා ද කියලා දැනගන්න පුළුවන්
  • ඇසුරුම් කරන ලද ආහාරයක, එහි අඩංගු පෝෂ්‍ය පදාර්ථ වගුවක සඳහන් කර තිබෙන ආහාරයක් ඔයාලට මතකෙට එනව ද? බලන්න, එහෙම එකක් හොයාගන්න පුළුවන් ද කියලා.
  • ඔයාලා දන්නව ද? කොස් ගස ලොව ඇති විශාලතම පලතුරු ගසයි.
  • ඔයාලා දන්නව ද? ඔයාලගේ වර්ධනයට උපකාරී වෙන ඔමේගා 3 සහ 6 වැනි හොඳ මේද ඇස්ට්‍රා, ඇට ජාති සහ අලිගැටපේර වල අඩංගු වේ.
  • පාන් සහ ඕට්ස් වල අපිට ශක්තිය ලබාදෙන කාබෝහයිඩ්‍රේට් අඩංගු බව ඔයාලා දන්නවා ද?
  • ඔයාලා දන්නව ද ඉතා ප්‍රබල අන්වීක්ෂයක් නොමැතිව, 1 කාබෝහයිඩ්‍රේටයක්, 1 මේද කොටසක් හෝ 1 විටමිනයක් අපිට පියවි ඇහින් දැකිය නොහැකි බව?
  • ආහාර වල එකකට වඩා පෝෂ්‍ය පදාර්ථ අඩංගු වන බව ඔයාලා දැනසිටියා ද? පාන් වල බොහෝ සෙයින් අන්තර්ගත වන්නේ කාබෝහයිඩ්‍රේට් වුණත්, එහි විටමින් සහ ඛනිජ ලවණ ද අඩංගු වේ.
  • ඔයාලා දන්නව ද? නිරෝගී ජීවන රටාවක අංගයක් විදියට දවස ක්‍රියාශීලීව පටන් ගැනීම හඳුන්වන්න පුළුවන්. ඔයා කැමති ක්‍රියාකාරකම් මොනව ද කියලා හිතලා, හොයලා බලන්න.
  • පේර, මිදි සහ තක්කාලි වැනි පලතුරු, එළවළු වල මතුපිට පොත්තෙහි ද පෝෂ්‍ය පදාර්ථ අඩංගු බව ඔයාලා දැනගෙන හිටිය ද?
  • ඔයාලා දන්නව ද? උදෑසන ආහාර වේල කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය, විටමින් සහ ඛනිජ ලවණ වලින් යුක්ත විය යුතුයි.
  • උදෑසන ආහාරය කිසිවිටෙක මග නොහැරිය යුතු බව ඔයාලා දන්නව ද? ඔයාලත් දිනපතා උදෑසන ආහාර වේල ලබාගත යුතුයි.
  • ආහාර ජීර්ණ පද්ධතිය නැවත ක්‍රියාත්මක වීමට උදෑසන ආහාර වේල හේතු වන බව ඔයාලා දන්නව ද?
  • ඔයාලා දන්නව ද? මේදය කියන්නේ බොහෝ ආහාර වල අංගයක්. අසංතෘප්ත මේදය (Unsaturatd Fats) මේ අතරින් හිතකර වේ.
  • ඔයාලා දන්නව ද? සමහර මේද වර්ග ශරීරය තුළ නිපදවෙන අතර අනෙක් මේද වර්ග එසේ නිපදවෙන්නේ නැත. එසේ නිපද නොවෙන මේද වර්ග අපි ආහාර මගින් ශරීරයට ලබාදිය යුතුයි.
  • විටමින් සහ ඛනිජ ලවණ ක්ෂුද්‍ර පෝෂක (micro-nutrients) ලෙස හැඳින්වේ.
  • කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ මේදය මහාපෝෂක (macro-nutrients) ලෙස හැඳින්වේ.

නීති සහ කොන්දේසි

මෙම අභියෝගයෙහි නීති සහ කොන්දේසි මොනවා ද?

සම්පූර්ණ නීති සහ කොන්දේසි සඳහා පිවිසෙන්න.

Country-specific rewards (where applicable) terms and conditions can be found here.