Terms and Conditions

කිනම් ආකාරයේ පෞද්ගලික තොරතුරු රැස්කරනු ලැබේ ද?

විවිධ ක්‍රම මගින් අප පෞද්ගලික තොරතුරු එකතුකරගනු ලබයි. ඒවා නම්,

  • ඔබ විසින් අප වෙත සෘජුවම ලබාදෙන දත්ත
  • අප විසින් ස්වයංක්‍රීයව ලබාගන්නා දත්ත
  • අනෙකුත් මූලාශ්‍ර මගින් ලබාගන්නා දත්ත

ඔබ විසින් අප වෙත සෘජුවම ලබාදෙන දත්ත

ඔබ පුවත්ලිපියකට (newsletter) sign up වීමේදී, සමීක්ෂණයකට සහභාගී වීමේදී, තරගයකට අවතීර්ණ වීමේ දී, අප වෙබ් පිටුව මගින් හෝ අනෙකුත් online ක්‍රම ඔස්සේ අප හා සම්බන්ධ වීමේ දී, ඔබ ලබාදෙන දත්ත අප විසින් එකතු කරගනු ලැබෙයි. එසේ සිදුකිරීමේදී ඔබ විසින් පහත සඳහන් ආකාරයේ පුද්ගලික දත්ත අප වෙත ලබාදෙනු ඇත.

  • නම, ස්ත්‍රී/පුරුෂ භාවය, නිවසෙහි ලිපිනය, සමාජ මාධ්‍ය ගිණුම්, email ලිපින, දුරකතන අංක, උපන්දිනය සහ recipe තොරතුරු සහ අප නිෂ්පාදන පිළිබඳව අදහස් යෝජනා වැනි තොරතුරු

ඔබ Astra Social Mission Breakfast Challenge එකට සම්බන්ධ වීමේදී ඇතුළත් කරනු ලබන දත්ත අප විසින් රැස් කරනු ලැබෙයි. මේ දත්ත අතර

  • නම, ස්ත්‍රී/පුරුෂ භාවය, නිවසෙහි ලිපිනය, සමාජ මාධ්‍ය ගිණුම්, email ලිපින, දුරකතන අංක, උපන්දිනය සහ
  • සමීක්ෂණ තොරතුරු, කෙටි කාලීන සහ දීර්ඝ කාලීන යෝජනා, recipe තොරතුරු, Social Mission Breakfast Challenge සබැඳි අදහස් හා යෝජනා
  • විද්‍යාත්මක පර්යේෂණ සඳහා සම්බන්ධ වීමට අපි ඔබට අනාගයේදී ඇරයුම් කරනු ඇත.

ඔබේ පෞද්ගලික තොරතුරු අප භාවිතා කරන්නේ කුමක් සඳහා ද?

අප ඔබේ පුද්ගලික දත්ත එකතු කිරීම, සැකසීම සහ ප්‍රකට කිරීම සිදුකරනු ලබන්නේ පහත අරමුණු මූලික කරගෙනය.

  • Email හරහා හෝ Upfield පාරිභෝගික දුරකතන අංකයට හෝ සමාජ මාධ්‍ය හරහා ලැබෙන ඔබේ විමසීම්/යෝජනා හෝ ලියාපදිංචි කිරීම් /subscription ඉල්ලීම් සඳහා ප්‍රතිචාර දැක්වීමට.
  • අපගේ නිෂ්පාදන, සන්නිවේදන ක්‍රම සහ අපගේ වෙබ් අඩවි සහ මාර්ගගත නාලිකාවල (Online Channels) ක්‍රියාකාරීත්වය සංවර්ධනය කිරීම
  • ඔබ සම්බන්ධ තරග හෝ ප්‍රවර්ධන අරමුණු සඳහා
  • දුරකථනයෙන්, විද්‍යුත් ක්‍රමවලින් හෝ වෙනත් ආකාරයකින් අප හා සම්බන්ධ වන පුද්ගලයන්ගේ අනන්‍යතාව සනාත කිරීමට
  • අභ්‍යන්තර පුහුණුව සහ තත්ත්ව සහතික අරමුණු සඳහා
  • ඉලක්කගත සන්නිවේදනයන්, වෙළඳ ප්‍රචාරණ මෙන්ම නිෂ්පාදන නිර්දේශ සැපයීමට
  • රැකියා අයදුම්පත් සැකසීමට සහ කළමනාකරණය කිරීමට

අපි ඔබේ පුද්ගලික දත්ත වෙනත් ඕනෑම අරමුණක් සඳහා එකතු කර භාවිතා කරන විට, එකතු කිරීමට පෙර හෝ එම අවස්ථාවේදී අපි ඔබට දන්වන්නෙමු.

  • Astra Social Mission Brealkfast Challenge හරහා එකතු කරන ලද පුද්ගලික දත්ත විද්‍යාත්මක සහ අධ්‍යාපනික සිදුවීම් සඳහා භාවිතා කළ හැක.
  • අපගේ Astra Social Mission Breakfast Challenge වැඩිදියුණු කිරීමේ අරමුණින් අපි Astra Social Mission Breakfast Challenge හරහා පුද්ගලික දත්ත රැස් කරමු.
  • අප විසින් ඔබේ මාර්ගගත සැරිසැරීම් (Online Behaviours), සෙවීම් (Search) සහ මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටීන් සහ අපගේ සන්නාම සන්නිවේදනයන් සමඟ ඔබේ අන්තර්ක්‍රියා පිළිබඳ තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් විවිධ කාණ්ඩ (groups) ගොඩනඟා ඇත (පොදු ලක්ෂණ ඇති කණ්ඩායම් නිර්මාණය කිරීම). මේ පිළිබඳ වැඩි විස්තර සඳහා, "Profiling" බලන්න.

වෙබ් අඩවි භාවිතාව පිළිබඳ අමතර නීති සහ කොන්දේසි.